Post Header
Archive of Our Own – AO3 (අපේම ලේඛනාගාරයේ) නිල නොවන ලේඛනාගාරයක් ඇන්ඩ්රොයිඩ් යෙදුම් මෘදුකාංගයක් මෑතකදී ගූගල් ප්ලේ වෙත නිකුත් කරන ලදී. මෙම නිකුතුව විෂය නැවත අවධානයට යොමු කර ඇති හෙයින්, නිල AO3 යෙදුම් සංවර්ධනයේ වර්තමාන තත්වය බෙදා ගැනීමට මෙම අවස්ථාව ප්රයෝජනයට ගැනීමට අපට අවශ්ය විය.
"ඔබ යෙදුමක් සෑදීමට සිතුවාද?" යනු අපෙන්
නිතර අසනු ලබන ප්රශ්න වලින් එකකි. නමුත් ජංගම යෙදුම් සංවර්ධනයේදී, ඇත්ත වශයෙන්ම “යෙදුමක්” වැනි දෙයක් නොමැත. විවිධ ජංගම දුරකථන වේදිකා සඳහා යෙදුම් සෑදිය යුතුය - ඇන්ඩ්රොයිඩ්, iOS සහ වින්ඩෝස් මොබයිල් ඉහළම තිදෙනා වීම - සහ තවමත් භාවිතයේ පවතින එම වේදිකා වල බොහෝ සංස්කරණ සඳහා යෙදුම් සෑදිය යුතුය .
සීමා රහිතව කෘති පිරික්සීමට වඩා වැඩි යමක් කිරීමට ඔබට ඉඩ සලසන යෙදුමක් සංවර්ධනය කිරීමට පෙර අපට පොදු API එකක් සංවර්ධනය කිරීමට අවශ්ය වනු ඇත - අනිවාර්යයෙන්ම අපගේ මාර්ග සිතියම තුල,නමුත් ප්රධාන නිකුත් කිහිපයකින් ඈතින් සිටී. එසේම අප දුරකථනය සහ ටැබ්ලටය සඳහා වෙනස් ප්රතිචාරාත්මක පරිශීලක අතුරුමුහුණත් සෑදිය යුතුය. කුඩා, සෘජු ව්යාපෘතියක් මෙන් පෙනෙන දේ ඉතා ඉක්මණින් විවිධ සම්පත්, කැපවීම, කුසලතා කට්ටල අවශ්ය වන දෙයකට පරිණාමය වන්නේය. එම නිසා ජංගම AO3 යෙදුමක් නිකුත් කිරීමට කැමති බව අතීතයේ දී පැවසුවද, අවශ්ය සම්පත් අප හට නැත
AO3 සංවර්ධනය කරන කේත රචකයින් සියල්ලම වැඩ කරන්නේ ස්වේච්ඡා පදනමක් මත වන අතර එහි වර්ධනයට සහාය වීම සඳහා හැකි තරම් කාලයක් ලබා දේ - නමුත් එම කාලය සීමිත වන අතර AO3 සුමටව පවත්වා ගෙන යාමට අවශ්ය වැඩ වලට මේ කාලය සම්පූර්ණයෙන්ම යෙදවේ. එක්කෝ කණ්ඩායම AO3 වැඩි දියුණු කිරීම සඳහා දිගින් දිගටම කාලය ගත කරයි, නැතහොත් යෙදුමක් සංවර්ධනය කරයි - මේ දෙකටම සහය දැක්වීමට ප්රමාණවත් ස්වේච්ඡා සේවකයන් නොමැත.
මෙහිදි ආරම්භක සංවර්ධනයේදී පමණක් නොවේ සම්පත් තීව්ර වන්නේ. එක් එක් වේදිකාවේ නව සංස්කරණ නිකුත් වන විට එය දිගටම ක්රියාත්මක වන බව සහතික කිරීම සඳහා යෙදුමක් නඩත්තු කිරීම හා අඛණ්ඩව යාවත්කාලීන කිරීම සදහාද සම්පත් අවශ්ය වේ - තවද වැඩිදියුණු කළ AO3 විශේෂාංග ඇතුළත් කිරීම සඳහා යෙදුම වැඩි දියුණු කල යුතුයි.එසේම යෙදුමකට කැපවූ කණ්ඩායමක් විසින් දිගු කාලීන නඩත්තු කිරීමක් අවශ්ය වන හෙයින්, එය අපට පරිත්යාග අරමුදල් වලින් සැපයිය හැකි දෙයක් නොවේ.
සාමන්යයෙන් කේතීකරණ සහ සම්පත් පරීක්ෂා කිරීම යෙදුමකට සහය දැක්වීමට අවශ්ය වන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීම පවා පටන් නොගනී.
මෙහි පහත දැක්වෙන කණ්ඩායම් වලට ද සම්පත් අවශ්ය වේ:
- සෑම වේදිකාවකම ඇති වන තාක්ෂණික ගැටළු වලට සහාය වීම සඳහා සහාය කාර්ය මණ්ඩලය, පුහුණු සහ සන්නද්ධ විය යුතුය,
- අපගේ ප්රලේඛන කණ්ඩායමට යෙදුම සඳහා ආධාරක ලේඛන නිර්මාණය කිරීමට සහ අඛණ්ඩව යාවත්කාලීන කිරීමට අවශ්ය වේ, සහ
- ඉංග්රීසි නොවන කථිකයින්ට යෙදුමට ප්රවේශ විය හැකි වන පරිදි පරිවර්තන කණ්ඩායමට ප්රලේඛනය පරිවර්තනය කර අඛණ්ඩව යාවත්කාලීන කිරීමට වේ.
මෙයට දැනට අප සතුව ඇති ප්රමාණයට වඩා වැඩි සම්පත් ප්රමාණයක් පමණක් නොව, අපගේ මාර්ග සිතියමට සහය දැක්වන කණ්ඩායම් සාමාජිකයින්ද එම කාර්යයන් වලින් ඉවත් කරගනීවි.
අපගේ කණ්ඩායමේ ඉලක්කය වන්නේ AO3 හැකි සහ හැකි තරම් පිරිසකට ප්රවේශ විය හැකි ලෙස තබා ගැනීමයි. අපට එය කළ හැකි හොඳම ක්රමය වන්නේ හැකි තරම් උපාංග මත ක්රියා කරන (සහ හොඳින් ක්රියා කරන!) AO3 හි තනි ප්රතිචාරාත්මක අනුවාදයක් තැනීම කෙරෙහි අපගේ උත්සාහයන් යොමු කිරීම වේ. සියලු හැඩයන්ගෙන් සහ ප්රමාණයන්ගෙන් යුත් උපාංග මෙයට ඇතුළත් වන බව සහතික කිරීම සඳහා අපි සැමවිටම කැපවී සිටින අතර වෙබ් අඩවියේ ජංගම ප්රතිචාරාත්මක බව සහ සැමට භාවිතයට ඇති හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සම්පත් කෙරෙහි අවධානය යොමු කරමු. ඒ කියන්නේ AO3 හි සංවර්ධනයේ මෙම ක්රියා පටිපාටිය තුළ හුදකලා යෙදුමක් පමනක් ප්රමාණවත් නොවේ.
පිවීසිමට පෙර ආරක්ෂක සටහනක් ලෙස, තෙවන පාර්ශවීය යෙදුමක් හෝ වෙබ් අඩවියක් ඔබගේ AO3 පිවිසුම් තොරතුරු ඉල්ලා සිටින්නේ නම්, කරුණාකර ප්රවේශමෙන් ගනුදෙනු කරන්න සහ ඔබ මෙම තොරතුරු ඔබේම අවදානමකින් ලබා දෙන බව දැන ගන්න. වර්තමනයෙදි ආරක්ෂක ගැටළු නොමැති වුවත්, ඔබ ඔබගේ ගිණුම ඕනෑම වේලාවක සම්මුතියකට ලක්විය හැකි බව විශ්වාස කරන්නේ නම් කරුණාකර ඔබගේ මුරපදය වෙනස් කරන්න
