AO3 News

Post Header

Published:
2021-02-14 23:28:33 UTC
Original:
Problems logging in to your account?
Tags:

ආරක්ෂාව සහ නඩත්තු කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා, අප විසින් Archive of Our Own - AO3 (අපේම ලේඛනාගාරය) පිවිසුම් පද්ධතියෙහි කේතය නැවත කේතීකරණය කරන ලදි.අපි කලින් නිවේදනය කළ පරිදි, මෙම කේතීකරණය හේතුවෙන් සියලු පරිශීලකයින්ට ගිණුමෙන් ඉවත් වීමට සිදුවිය.ඔබ ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය දන්නේ නම්, ඔබට සුපුරුදු පරිදි ගිණුමට පිවිසීමට හැකිය. කෙසේ වෙතත්, ඔබට ගැටළුවක් ඇත්නම්, පරීක්ෂා කිරීමට කරුණු කිහිපයක් පහත දැක්වේ.
ඔබ, ඔබගේ ලියාපදිංචි තහවුරු කිරීමේ විද්යුත් තැපෑලෙහි සබැඳිය අනුගමනය කිරීමෙන්, ගිණුම සක්රිය කර තිබේද?

ඔබ මෑතකදී AO3 වෙත ලියාපදිංචි වී, පිවිසීමේ ගැටලුවක් ඇත්නම්, ඔබ ඔබේ ගිණුම සක්රිය කර ඇත්දැයි වග බලා ගන්න!. ලියාපදිංචි වී පැය 24 ක් ඇතුළත, විද්යුත් තැපැලෙහි ඇතුළත් කර ඇති සබැඳිය භාවිතා කර, ඔබේ AO3 ගිණුම සක්රිය කිරීමට ඉල්ලා සිටිමින්, [email protected] වෙතින්, ලියාපදිංචි කිරීමේ ඊමේල් පණිවිඩයක් ඔබට ලැබිය යුතුය.සක්රිය කිරීමේ විද්යුත් තැපෑල සාමාන්යයෙන් ඔබගේ ගිණුම නිර්මාණය කිරීමෙන් පසුව පැමිණෙනමුත්, සමහර විද්යුත් තැපැල් සපයන්නන් එවීම සැලකිය යුතු ලෙස ප්රමාද කළ හැකිය.

ඔබේ ගිණුම සක්රිය කළ පසු, ඔබට සක්රිය කිරීම තහවුරු කිරීමේ විද්යුත් ලිපියක් පෙර විද්යුත් තැපැල් ලිපිනයෙන්ම([email protected].) ලැබිය යුතුය.
සමහර විට, මෙම විද්යුත් තැපැල්,අයාචිත තැපැල් පෙරහන් හෝ ස්වයංක්රීය එන ලිපි වර්ගීකරණය හේතුවෙන් නැතිවිය හැකිය. එබැවින් ඔබ මේවා පරීක්ෂා කිරීමට වග බලා ගන්න!. ඔබගේ ගිණුම සක්රීය කිරීමේ ඉල්ලීම හෝ සක්රිය කිරීම තහවුරු කිරීමේ විද්යුත් තැපෑල ඔබට සොයාගත නොහැකි නම් සහ ඔබ ලියාපදිංචි වී පැය 24 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත්නම්, ඔබට අපගේ සහාය කමිටුව අමතා ඔබගේ ගිණුම ,පරිපාලකයෙකු විසින් සක්රිය කරන ලෙස ඉල්ලා සිටිය හැකිය

ඔබ ඔබේ පරිශීලක නාමය මගින් පිවිසීමට උත්සාහ කරන්නේ නම්, එය නිවැරදි ද?

පරිශීලක නාමයක් තිබේද සහ ඔබට එය අයිති දැයි පරීක්ෂා කිරීමට, ඔබගේ බ්රව්සර ලිපින තීරුව වෙත ගොස්, https://archiveofourown.org/users/USERNAME, ඔබගේ පරිශීලක නාමය "USERNAME" සමඟ ප්රතිස්ථාපනය කර ඇතුල් කරන්න. එම ගිණුම තිබේ නම්, මෙය ඔබව එහි Dashboard ගෙන යනු ඇත (උපකරණ පුවරුව). එවිට, ඔබට එම ගිණුම සඳහා අයිකනය, පැතිකඩ තොරතුරු, පොදු වැඩ හෝ පිටු සලකුණු ඔබගේ බවට තහවුරු කර ගත හැකිය.
පරිශීලක නාමවල අඩංගු විය හැක්කේ A-Z ලොකු අකුරු සහ සරල අකුරු, අංක සහ අවධාරනය(_) පමණක් බව කරුණාවෙන් සලකන්න.

ඔබ ඔබේ විද්යුත් තැපැල් ලිපිනය මගින් පිවිසීමට උත්සාහ කරන්නේ නම්, එය නිවැරදි ද?

ඔබට එක විද්යුත් තැපැල් ලිපිනයකට වඩා තිබේ නම්, New Password(නව මුරපදය) page, වෙත ගොස්, ඔබගේ විද්යුත් තැපැල් ලිපිනය පුරවා, "Reset Password" (මුරපදය යළි සකසන්න) ඔබන්න. ඔබ ඇතුළත් කළ විද්යුත් තැපැල් ලිපිනය ගිණුමක් සමඟ සම්බන්ධ නොවේ නම්, ඔබට දෝෂ පණිවිඩයක් ලැබෙන අතර විද්යුත් තැපෑලක් යවනු නොලැබේ. ඔබගේ සියලුම විද්යුත් තැපැල් ලිපිනයන් සඳහා මෙය කිරීමෙන් ඔබගේ AO3 ගිණුම සඳහා ඔබ භාවිතා කළේ කුමන විද්යුත් තැපැල් ලිපිනයද යන්න තීරණය කිරීමට ඔබට උපකාරී වේ.
යළි පිහිටුවීමේ ඊ-තැපෑලක් යැවීමෙන් පසුව වුවද ඔබට ඔබගේ සාමාන්ය මුරපදය මගින් ප්රවේශ විය හැකිය (විද්යුත් තැපෑල නොසලකා හරින්න).

ඔබගේ මුරපදය නිවැරදිද?

ඔබ පිවිසීමට යොදා ගන්නා පරිශීලක නාමය හෝ විද්යුත් තැපෑල නිවැරදි බවට තීරණය කර ඇත්නම්, ගැටලුව ඔබගේ මුරපදය විය හැකිය. New Password පිටුවෙහි ඇති පොරෝමය පුරවන්න. එවිට ඔබගේ මුරපදය වෙනස් කිරීමට ඉඩ දෙන සබැඳියක් ඔබ වෙත යවනු ලැබේ.

ඔබට පැය 24 ක් තුළ විද්යුත් තැපෑල නොලැබුනේ නම්, ඔබගේ අයාචිත තැපැල් ෆෝල්ඩරය හෝ ස්වයංක්රීය එන ලිපි වර්ගීකරණය පරීක්ෂා කිරීමට වග බලා ගන්න. විද්යුත් තැපැලෙහි "[AO3] Reset your password" (ඔබගේ මුරපදය නැවත සකසන්න) යන විෂය තිබෙනු ඇත.

Edit (28 December, 10:43 UTC):
මුරපද සනීපාරක්ෂක කරන ආකාරයෙහි වෙනස්කම් හේතුවෙන්,ඔබට සිදුවේවි මුරපදය නැවත සැකසීමට ඔබගේ මුරපදයේ කලින් < සහ > චරිත අඩංගු වූයේ නම්. (ඔබට දිගටම ඔබේ මුරපදයෙහි < සහ > චරිත භාවිතා කළ හැකිය; එයට අපගේ නව පද්ධතිය සඳහා යාවත්කාලීන කළ යුතුය).

ඔබගේ බ්රව්සරය හෝ මුරපද කළමනාකරු ස්වයංක්රීයව ඔබගේ පරිශීලක නාමය / මුරපදය ඇතුළත් කරන්නේද?

AO3 වෙත ප්රවේශ වීම සඳහා ඔබ ඔබගේ බ්රව්සරයේ ස්වයං සම්පුර්ණ කිරීම හෝ මුරපද කළමනාකරු භාවිතා කරන්නේ නම්, සුරකින ලද පරිශීලක නාමය / මුරපද සංයෝජනය වැරදීමට අවස්ථාවක් තිබෙනවා.
එය පරීක්ෂා කිරීම සඳහා, පෙර පුරවා ඇති පිවිසුම් තොරතුරු මකා දමා ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය නැවත ටයිප් කරන්න.මෙම ගැටළුව නැවත ඇතිවීම වළක්වාලීමට, වැඩ කරන සංයෝජනය සමඟ ස්වයං සම්පුර්ණ / මුරපද කළමනාකරු ප්රවේශය පසුව යාවත්කාලීන කිරීමට මතක තබා ගන්න

ඔබගේ බ්රව්සරයේ කුකී මකා දැමීමට ඔබ උත්සාහ කර තිබේද?

සමහර විට, වැරදි ලෙස වින්යාසගත කර ඇති හෝ දූෂිත කුකීස් මඟින් පිවිසුම් ගැටළු ඇතිවිය හැකිය. කුකීස් ගැටළු, ඔබ ඇතුලත් කළ මුරපදය හෝ පරිශීලක නාමය නිවැරදි වූවත්, එය අපගේ වාර්තා සමඟ නොගැලපෙන බව පවසන වැරදි පණිවිඩයකට හෝ ඔබ ඇත්ත වශයෙන්ම ගිණුමට නො පිවිසි අවස්ථාවක, ඔබට සාර්ථක පිවිසුම් පණිවිඩයක් ලැබෙන තත්වයකට තුඩු දිය හැකිය. ඔබගේ කුකී සැකසුම් ඔබව AO3 වෙත පිවිසීමෙන් වළක්වන්නේ නැති බව තහවුරු කර ගැනීමට, ඔබගේ බ්රව්සරය අපෙන් කුකී පිළිගැනීමට සකසා ඇත්දැයි පරීක්ෂා කර, නැවත වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කිරීමට පෙර ඔබේ කුකී නිෂ්කාශනය කරන්න. කුකීස් කළමනාකරණය සඳහා උපදෙස් බ්රව්සරය සහ බ්රව්සර් අනුවාදය අනුව වෙනස් වනමුත්, එම ක්රියාවලිය ආරම්භ කිරීම සඳහා ඔබට සබැඳි කිහිපයක් පහත දැක්වේ:

බ්රව්සර් දිගු / ඇඩෝන අක්රීය කිරීමට ඔබ උත්සාහ කර තිබේද?

සමහර විට, බ්රව්සර් දිගු හෝ ඇඩෝන මඟින් පිවිසුම් ක්රියාවලියට බාධා ඇති විය හැකිය.ඔබගේ බ්රව්සර සැකසීම් මඟින්, ඔබට පුරනය වීම වළක්වන්නේ නැති බවට තහවුරු කරගැනීමට, පහත සබැඳි අනුගමනය කිරීමෙන් ඔබගේ බ්රව්සරයට සම්බන්ධ අතිරේක මෘදුකාංග අක්රීය කරන්න.

ඔබ වෙනත් බ්රව්සරයක් හෝ උපාංගයක් භාවිතා කර ප්රවේශවීමට උත්සාහ කර තිබේද?

විකල්ප ක්රම භාවිතයෙන් ඔබට AO3 වෙත සාර්ථකව පිවිසිය හැකි නම්, ඔබ මුහුණ දෙන ගැටලුව බොහෝ විට ඔබගේ ගිණුමට වඩා ඔබගේ බ්රව්සරයේ හෝ උපාංගයේ ගැටළුවක් විය හැකිය.එය එසේ නම් ඔබ කැමති බ්රව්සරයේ ඉහත ක්රියාවලිය
කර බැලීමට අපි ඔබව දිරිමත් කරමු. එය තවමත් ක්රියාත්මක නොවන්නේ නම්, එවැනි ගැටළු පිළිබඳව අපට අපගේ සහායක කමිටුව සම්බන්ධ කර ගැනීම හරහා දන්වන්න. එවිට අපට වැඩිදුර විමර්ශනය කළ හැකිය. කරුණාකර ඔබ උත්සාහ කළ බ්රව්සරය (බ්රව්සර) සහ උපාංගය (උපාංග) පිළිබඳ විස්තර මෙන්ම ගැටලුවම ඇතුළත් කිරීමට මතක තබා ගන්න.

ඔබ ඉහත සදහන් සෑම දෙයක්ම අත්හදා බැලුවද, තවමත් පිවිසීමට නොහැකි වී තිබේද?

ඔබ මෙම සියලු පියවරයන් අත්හදා බලා තවමත් පිවිසීමේ ගැටලුවක් අත් විදිනවා නම්, මෙම සම්බන්ධතා පෝරමයසියලුම අදහස් පොදු බැවින් මෙම පිටුවට පිවිසෙන ඕනෑම කෙනෙකුට දැකිය හැකි බැවින්, මෙම ලිපියේ අදහස් දැක්වීම්වල, කිසිදු ගිණුම් තොරතුරක් බෙදා නොගන්න.ගිණුම් තොරතුරු අඩංගු අදහස් පිළිතුරු නොමැතිව ඉවත් කරනු ලැබේ.

සෑම විටම මෙන්, කරුණාකර ඔබේ ගැටලුවේ විශේෂතා ගැන හැකි තරම් විස්තර ඇතුළත් කිරීමට මතක තබා ගන්න(ලැබුණු දෝෂ පණිවිඩ සහ ඔබගේ බ්රව්සරය / උපාංග වින්යාසය වැනි). එවිට අපට වඩාත් ඵලදායී ලෙස දෝශ නිරාකරණය කළ හැකිය. තවද, ඔබ උත්සාහ කර ඇත්තේ ඉහත සඳහන් පියවරයන්ගෙන් කුමක්ද යන්න ඇතුළත් කරන්න. එවිට අපට එම ගැටළු බැහැර කළ හැකිය!